දිය බත් පිලියෙල කරගන්නා ආකාරය

33 views
Tutorial cover image
Step 01

අවශ්‍ය අමුද්‍රව්‍ය

  1. රැයක් වතුරෙන් පොගවා ගත් බත්
  2. සිහින්ව කපා ගත් රතුලූනු
  3. සිහින්ව කපා ගත් අමු මිරිස්
  4. සිහින්ව කපා ගත් තක්කාලි කෑල්ලක්
  5. සිහින්ව ගා ගත් උම්බලකඩ
  6. උකු පොල් කිරි
  7. රස අනුව ලුනු සහ දෙහි ඉස්ම


Step 02


ගොඩක් වෙලාවට රෑට ඉතිරි වුනු බත් වලින් තමයි උදේට කන්න දියබත් හදන්නෙ.

ඒ ඉතිරි වුනු බත් එක වැහෙන්නම වතුර දාල තියන්න රැයක්.


Step 03

ඊට පස්සෙ උදේට ඒ වතුර ටික පෙරා ගෙන අයින් කරල බත් ටික විතරක් බාජනයක දාන්න. 


Step 04

 එයට කපා ගත් රතුලූනු,අමු මිරිස්, තක්කාලි,උම්බලකඩ දාන්න.

එයට රස අනුව ලුනු සහ දෙහි ඉස්ම එකතු කර උකු පොල් කිරි දමා හැන්දකින් කලවම් කරන්න. ඉතාම රසවත් උදෑසන ආහාරයක්.


Step 05

Source - https://hotoven.lk/

Comments 1
Please login to join the discussion.
manu's avatar
manu
Jan 17, 2025 9:05 AM

Thank you

Global Statistics